ආයෙත් ටයිටැනික් බලන්න යන්න ලෑස්ති වෙන OceanGate
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

ආයෙත් ටයිටැනික් බලන්න යන්න ලෑස්ති වෙන OceanGate

ආයෙත් ටයිටැනික් බලන්න යන්න ලෑස්ති වෙන OceanGate

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට පිරිසක් රැගෙන ගිය ටයිටන් සබ්මැරීනය අනතුරුට ලක්වී මේ වනවිට දින 10 ක් පමණ ගතවී ඇති අතර අත්ලන්තිල් සාගර පතුලේ පවතින ටයිටැනික් නෞකාවට මදක් ආසන්නයේදී පුපුරා ගිය එම සබ්මැරීනයේ සුන්බුන් ගොඩගැනුනේද ඊයේ දිනයේදීය.

 

එම සුන්බුන් අතර මිනිස් සිරුරුවල අවශේෂ කොටස් ද හමුවී ඇති බව අමෙරිකාවේ වෙරළාරක්ෂක බලකාය සඳහන් කර තිබුණි.

 

එවන් පසුබිමක් තුල ටයිටන් සබ්මැරීනය මෙහෙයවූ OceanGate සමාගම තවමත් ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට පිරිස් රැගෙන යන සංචාර සිය වෙබ් අඩවියේ ප්‍රචාරණය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

 

එම සමාගම ලබන වසරේ ජුනි 12 සිට ජූනි 20 දක්වා සහ ජුනි 21 සිට ජුනි 29 දක්වා ඩොලර් 250,000 ක මිලකට ටයිටැනික් නෞකාවේ සුන්බුන් වෙත සංචාර දෙකක් සැලසුම් කර ඇති බව සිය වෙබ් අඩවියේ දක්වා තිබේ.

 

එම සංචාරයේදී කිමිදුම්, පුද්ගලික නවාතැන්, අවශ්‍ය සියලුම පුහුණු කිරීම්, ගවේෂණ උපකරණ සහ යාත්‍රාවේ සිටින විට සියලුම ආහාරපාන සඳහා වැයවන පිරිවැය ආවරණය වන පරිදි සංචාරය සඳහා දැරිය යුතු වියදමද ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව සංචාරකයෙකු විසින් ඒ සඳහා දැරිය යුතු පිරිවැය අමෙරිකානු ඩොලර් 250,000 කි.

views

433 Views

Comments

arrow-up