චීන ගුවන් යානා තම ගුවන් කලාපයට ඇතුළු වන බවට තායිවානයෙන් චෝදනා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

චීන ගුවන් යානා තම ගුවන් කලාපයට ඇතුළු වන බවට තායිවානයෙන් චෝදනා

චීන ගුවන් යානා තම ගුවන් කලාපයට ඇතුළු වන බවට තායිවානයෙන් චෝදනා

චීන හමුදා ගුවන් යානා තම ගුවන් කලාපයට ඇතුළු වන බවට තායිවානයෙන් චෝදනා එල්ල කරයි.

 

ඊයේ (24) දිනයේ චීන යුද ගුවන් යානා 8ක් තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව තරණය කර වෙරළට නාවික සැතපුම් 24ක් ආසන්න කලාපයට පැමිණි බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේය. 

 

එමෙන්ම ඊයේ පෙරවරුවේ J-10 සහ J-16 ප්‍රහාරක යානා ඇතුළුව චීන ප්‍රහාරක ගුවන් යානා 19 ක් සොයා ගෙන ඇති අතර ඉන් අටක් මධ්‍ය රේඛාව පසුකර ගුවන් අවකාශය උල්ලංඝණය කළ බවයි තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

 

පසුගිය වසර තුන තුළ චීනයේ ගුවන් හමුදාව තායිවානය අවට ගුවන් අවකාශයට ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍යද වාර්තා කර තිබුණි.

 

චීන හමුදාව සිය භූමියට ආසන්න ප්‍රදේශවලට හදිසි ඇතුල්වීමක් සිදු කරන්නේ නම් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා සීරුවෙන් සිටිය යුතු බව පසුගිය මාර්තු මාසයේදී තායිවාන ආරක්ෂක අමාත්‍ය Chiu Kuo-cheng අනතුරු අඟවමින් සඳහන් කර තිබුණි.

views

174 Views

Comments

arrow-up