නේපාලයේ දරිද්‍රතාවය ඉහළ යයි

නේපාලයේ වයඹ දිග කලාපයන්හි පවුල් සිය ගණනකට ආදායම් මාර්ග අහිමි වී දරිද්‍රතාවයට තල්ලුවෙමින් ඇති බව වාර්තා වෙයි.
එරට මුගු නමැති ප්‍රදේශයේ ජීවත් වන ජනතාව ඉන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇති අතර ගම්වාසීන් චීනය සමග සිදු කළ වෙළෙඳාම් නතරවීම මෙම තත්ත්වයට හේතු වී ඇත.
කොවිඩ් ව්‍යාප්තියත් සමග 2020 වසරේ මුල් භාගයේදී චීනය නේපාලය සමග පවතින දේශසීමා වසා දැමීම හේතුවෙන් මුගු ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්වභාවික සම්පත් සහ ඖෂධ වෙළෙඳාම් කටයුතු අඩාල වී තිබේ.
දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව වසරක් තුළ 38% සිට 45% දක්වා වැඩිවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.
185 Views
Comments