මෝදිට යුක්‍රේනයෙන් ආරාධනාවක්

යුක්‍රේනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරිය වන එමිනේ එරව්නා මහත්මිය ඉන්දියාවේ සංචාරයකට සූදානම් වන බව වාර්තා වේ.
සිව්දින නිල සංචාරයක් ආරම්භ කරමින් ඇය ලබන සඳුදා ඉන්දියාවට පැමිණීමට නියමිත බවට ඉන්දීය මාධ්‍ය පවසා තිබේ.
එහිදී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් මෙන්ම යුක්‍රේන යුද්ධයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනු ඇත.
තවද මෙම සංචාරයේදී යුක්‍රේනයේ විදේශ අමාත්‍යවරිය ඉන්දියාවෙන් මානුෂීය ආධාර ඉල්ලා සිටීමට සහ රුසියාව දියත් කළ ආක්‍රමණයේදී හානියට පත් යුක්‍රේනයේ බලශක්ති ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීම සඳහා ඉන්දියාවෙන් උපකරණ ලබා ගැනීමට අපේක්ෂා කරනු ඇතැයි වාර්තා වේ.
මීට අමතරව යුක්‍රේන නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරිය සිය ඉන්දීය සංචාරය අතරතුරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හට යුක්‍රේනයේ සංචාරයක් සඳහාද පැමිණෙන්නැයි ආරාධනා කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.
192 Views
Comments