බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක්ට අමුතු චෝදනාවක්

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් විදේශ සංචාරයක් සඳහා පුද්ගලික ජෙට් යානයකට පවුම් ලක්ෂ 5 කට වැඩි මුදලක් වැය කර ඇති බව බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඊජිප්තුව, ඉන්දුනීසියාව, ලැට්වියා සහ ඇස්ටෝනියා යන රටවල සිදු කළ සංචාරයන් සඳහා මෙම මුදල වැය වී ඇති බව සඳහන් වේ.
බදු ගෙවන්නන්ගේ මුදල් යොදා ගනිමින් පසුගිය වසරේ සතියකට අධික කාලයක් ඔහු මෙම පුද්ගලික ජෙට් යානයෙන් සංචාරය කර ඇති බව වාර්තා වන අතර, ආර්ථික අර්බුදයක් පැවතියදී බදු ගෙවන්නන්ගේ මුදල් විශාල ප්‍රමාණයක් මෙලෙස වැය කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් මේ වන විට දැඩි විවේචනයකට ලක්ව ඇති බව සඳහන් වේ.
207 Views
Comments