MAY
07
ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ හදිසි තත්වයක්

ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
මේ හේතුවෙන් 25,000 කට අධික පිරිසක් වාසස්ථානවලින් ඉවත් කිරීමට ඇල්බර්ටා ප්‍රාන්ත රජය කටයුතු කර ඇති බව වාර්තා වේ.
පසුගිය දින කිහිපය පුරා ඇති වූ ලැව්ගිනි හේතුවෙන් ඇල්බර්ටා ප්‍රාන්තයේ අක්කර ලක්ෂ තුනකට වඩා විනාශ වී ඇති බව සඳහන් වේ.
322 Views
Comments