චීන ජනපති යළි ජනතාව අතරට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
28

චීන ජනපති යළි ජනතාව අතරට

චීන ජනපති යළි ජනතාව අතරට

හමුදා කුමන්ත්‍රණයකින් පසු, නිවාස අඩස්සියට පත් කළේ යැයි පැවැසුණු චීන ජනාධිපති ෂී ජින්පින් යළි ජනතාව අතරට ගියේය. ඒ, බෙයිජීං අගනුවර ප්‍රදර්ශනයක් විවෘත කරමින්, ඊට සහභාගී වෙමිනි.

 

චීන ජනාධිපති ෂී ජින්පින් නිවාස අඩස්සියට පත් කළ බවත්, චීන හමුදාව රටේ බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කළ බවත් කිසිදු පැහැදිලි හේතුවකින් තොරව ගුවන් ගමන් බොහෝමයක් හිටිහැටියේ අත්හිටුවා දැමුණු බවත් ආදී පුවත් රැසක් පළ වන්න වූයේ පසුගිය සති අන්තයේය.

 

ඒ, චීන රජයේ උදහසට ලක් වී, චීනයෙන් පිටුවහල් වී ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ජීවත් වන චීන මාධ්‍යවේදියකු සිය ට්විටර් ගිණුම ඔස්සේ පළ කළ තොරතුරු පාදක කර ගනිමිනි.

views

227 Views

Comments

arrow-up