JUN
26
ග්‍රහලෝක 5ක් එකම රේඛාවක

ග්‍රහලෝක 5ක් එකම රේඛාවක දිස්වන දුර්ලභ අවස්ථාවක් මෙම මස 24 සිට 27 දක්වා කාලය තුළ එක්සත් රාජධානිය ඇතුලූ උතුරු අර්ධ ගෝලීය රටවල් වලට උදා වන බව තාරකා විද්‍යාඥයින් පවසා සිටිනවා.
ඒ අනුව හිරු උදාවීමට මිනිත්තු හතළිස් පහකට පමණ පෙර මෙය පැහැදිලිව දැකගැනීමට හැකි අතර මෙසේ එක පෙලට දිස් වන්නේ බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහයන්.
සූර්යාලෝකයෙන් පවා දැකගැනීමට අපහසු බුධ ග්‍රහයා ද මෙහිදී දැකගැනීමට හැකියාව ලැබීම විශේෂත්වයක්.
294 Views
Comments