APR
08
ගස් කඩාවැටීමක් හේතුවෙන් එක්සත් ජනපද මාස්ටර්ස් ගොල්ෆ් තරගාවලියට බාධා

ලෝකයේ ප්‍රධාන තරගාවලි හතරෙන් එකක් වන ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියාවේ ඔගස්ටාහි පැවති එක්සත් ජනපද මාස්ටර්ස් ගොල්ෆ් තරගාවලිය අතරතුරදී අධික සුළං හේතුවෙන් ස්ථාන කිහිපයක ගස් කඩා වැටී බාධා ඇති වී තිබේ.
ක්‍රීඩකයින් සහ ප්‍රේක්ෂකයින් තරගාවලියේ සිටියදී ඇති වූ මෙම ස්වභාවික ආපදාවෙන් කිසිවෙකුට හානියක් සිදු වී නොමැත.
ටයිගර් වුඩ්ස් වැනි ගොල්ෆ් ක්‍රීඩාවේ සුවිශේෂී දක්ෂයින් තරග වදින මෙම තරගාවලිය 2023 අප්‍රේල් 6 සිට 9 දක්වා පැවැත්වේ.
198 Views
Comments