40කට දිවි අහිමිකල මාරක අනතුර

බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සෙනගාලයේ මධ්‍යම කැෆ්‍රීන් නගරයේ සිදුවූ අනතුරකින් පුද්ගල මරණ 40ක් වාර්තා වී තිබේ.
මෙම අනතුරින් තුවාල ලැබූ පිරිස 78කට අධික බව වාර්තා වේ.
මේ හේතුවෙන් රටට ශෝක කාලයක් නම් කිරීමටත් සෙනගාල් ජනාධිපති මැකී සල් Macky Sall කටයුතු කර ඇත.
පටු මාර්ගයක ගමන් කරමින් පැවති එක් බසයක රෝදයක් පුපුරා යාමෙන් පසු එය මාර්ගයේ අනෙක් පසින් ගමන් කළ තවත් බසයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.
ඩකාර් අගනුවරින් කිලෝ මීටර් 220ක දුරින් සිදුවූ මෙම බස් රථ අනතුර සැලකෙන්නේ බටහිර අප්‍රිකාවේ මෑතක දී සිදුවූ බරපතළම රිය අනතුරුවලින් එකක් ලෙසටය.
229 Views
Comments