NOV
08
පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර විරෝධතාවක්

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඝාතනය කිරීමට උත්සාහ කිරීමට විරෝධය පළකරමින් ඔහුගේ ආධාරකරුවන් ඉස්ලාමාබාද් අගනුවර විරෝධතාවක නිරත වෙයි.
විරෝධතාකරුවන් මාර්ග අවහිර කරමින් මහාමාර්ගවල ටයර් පුළුස්සමින් විරෝධතාවයේ නිරතවන බව වාර්තා වේ.
එසේ ම ඔවුන් පාසල් වසා දැමීමට බල කර ඇති අතර ඒ හේතුවෙන් පාසල් රැසක් ද වසා දමා තිබේ.
මේ හේතුවෙන් පාකිස්ථානයේ දෛනික කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
227 Views
Comments