චීනයේ උප අගමැතිගෙන් විශේෂ ඉල්ලීමක්

දැඩි ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියට එරෙහිව චීනයේ ප්‍රධාන නගරවල විරෝධතාවලින් පසුව රටේ කොවිඩ් වැළැක්වීමේ සහ පාලන පියවරයන් වැඩිදියුණු කිරීමට තවදුරටත් උත්සාහ කරන ලෙස චීන උප අගමැති සන් චුන්ලාන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
වෛරසය ව්‍යාධිජනකභාවයෙන් දුර්වල වන බැවින් පරීක්ෂණ, ප්‍රතිකාර සහ නිරෝධායන ප්‍රතිපත්ති ප්‍රශස්ත කිරීමේ වැදගත්කම මෙන්ම සමස්ත ජනගහනයටම ප්‍රතිශක්තිකරණය ලබා දීමේ වැදගත්කම ඔහු අවධාරණය කර ඇති බව ද සදහන් වේ.
රට නව තත්වයකට සහ වසංගත වැළැක්වීම සහ පාලනය කිරීමේ නව කාර්යයන්වලට මුහුණ දී සිටින බව ඔහු ප්‍රකාශ කර තිබේ.
173 Views
Comments