සාහසික ලෙස කඳුළු ගෑස් ගසා මිනිසුන් මැරූ පොලිස් නිලධරයාට වැඩ වරදී

පාපන්දු තරගයකදී පොලිස් නිළධාරියෙකු එල්ල කරන ලද කඳුළු ගෑස් ප්‍රහාරයකින් ප්‍රේක්ෂකාගාරයේ සිටි පුද්ගලයන් 135 දෙනෙකු මරණයට පත්වීමේ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වේ. ඊයේ දින (16) ඉන්දුනීසියානු අධිකරණය විසින් එම පොලිස් නිළධාරියාට මාස 18 ක සිර දඬුවමක් පණවා ඇත.
මෙම මරණ වලට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ දැඩිව එල්ල වී තිබූ කඳුළු ගෑස් ප්‍රහාර බව මෙම ඛේදවාචකය පිළිබඳව නිල වාර්තාව මගින් නිගමනය කර තිබේ. විපතට පත් වූවන් අතර කුඩා ළමුන් 32 දෙනෙකුද සිට ඇත.
Hasdarmawan නමැති මෙම චෝදනාවේ වරදකරු වූ නිලධාරියා බ්‍රිමොබ් නමින් හැඳින්වෙන පැරාමිලිටරි පොලිස් ඒකකයේ ප්‍රධානියාව සිට ඇති අතර 2022 ඔක්තෝම්බර් 1 වන දින නැගෙනහිර ජාවා හි මලන්ග් හි පැවැත්වූ තරඟයක් අවසන් වීමෙන් පසු සෙනඟ පිටියට ගලා ඒම වැළැක්වීමට මෙලෙස කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලෙස නියෝග කර ඇත. මෙම සිදුවීමට සම්බන්ධ එක් පොලිස් නිළධාරියෙකු අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර ඇති අතර තුන්වන නිළධාරියෙකු සම්බන්ධයෙන් තීන්දුව ලබාදීමට නියමිත බව වාර්තා වේ.
187 Views
Comments