පරිසර ක්‍රියාකාරීන් පිරිසක් රෝමයේදී අසාමාන්‍ය විරෝධතාවක
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
07

පරිසර ක්‍රියාකාරීන් පිරිසක් රෝමයේදී අසාමාන්‍ය විරෝධතාවක

පරිසර ක්‍රියාකාරීන් පිරිසක් රෝමයේදී අසාමාන්‍ය විරෝධතාවක

පරිසර ක්‍රියාකාරීන් පිරිසක් රෝමයේ සුප්‍රසිද්ධ ඓතිහාසික පොකුණකට කළු පැහැති ජලය වත්කර ඊට බසිමින් විරෝධය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

ගංගා හතරේ උල්පත හෙවත් ෆොන්ටානා ඩික්ආට්‍රෝ ෆියුමි නම් පොකුණට ඔවුන් මෙලෙස කළු වර්ණ ගැන්වූ ජලය මිශ්‍ර කර ඇති බව සඳහන් වේ.

 

අනතුරුව එහි බැස ඇති විරෝධතාකරුවන් මෙම පොකුණේ කළු පැහැති ජලය මෙන් ලොව අනාගතය ද අඳුරු බව පවසමින් විරෝධතාවයේ නිරතව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.

 

පොකුණට බැස සිටි පිරිස් ඉවත් කිරීම සඳහා පොලිසිය දැඩි උත්සාහයක නිරත වූ බවද විදෙස් වාර්තා කර සිටී.

views

193 Views

Comments

arrow-up