කිං චාල්ස්ගේ රාජාභිෂේකයට බාධා කළ පිරිසක් අත්අඩංගුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
07

කිං චාල්ස්ගේ රාජාභිෂේකයට බාධා කළ පිරිසක් අත්අඩංගුවේ

කිං චාල්ස්ගේ රාජාභිෂේකයට බාධා කළ පිරිසක් අත්අඩංගුවේ

බ්‍රිතාන්‍යයේ  තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය පැවැත්වෙන අවස්ථාවේ ලන්ඩනයේ සහ පිටත නගර වල විරෝධතා පැවැත්වූ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මෙලෙස අගනුවර තුළදී විරෝධතාකරුවන් 52 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පිරිස අතර බ්‍රිතාන්‍යයේ  රාජාණ්ඩු විරෝධී කණ්ඩායමේ ප්‍රධානීන් කිහිපදෙනකු ද වන බව සඳහන් වේ.

 

මෙම විරෝධතාකරුවන් මහජනතාවට සහ අගනුවර කටයුතු සඳහා බාධා වන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලද බවත්, එම පිරිසට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කෙරෙන බවත් වාර්තා වන අතර, මෙලෙස විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති බවද විදෙස් වාර්තා පවසයි.

views

221 Views

Comments

arrow-up