සුඩානයේ යුද ගිනි නිවන්න සාම සාකච්ඡා ඇරඹේ

සුඩානයේ යුද ගැටුම් සමථයකට පත් කිරීම සඳහා තවත් සාම සාකච්ඡාවක් සෞදි අරාබියේ දී පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ඒ සඳහා ගැටුමට මුල් වූ හමුදා දෙපාර්ශ්වයේම නියෝජිතයින් පිරිසක් ජෙඩා නගරයට පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
ගැටුමට මුල්වූ සුඩාන හමුදාව සහ ආර්. එස්. එෆ් හමුදා බලකාය අතර සාම සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් මැදිහත් වීමට ඇමරිකාව සහ සෞදි අරාබිය තීරණය කර ඇති බව සඳහන් වේ.
ගැටුම ආරම්භ වූ දා සිටම සටන් විරාම කිහිපයක් ප්‍රකාශයට පත්කරනු ලැබුවද ඒවා ක්‍රියාත්මක වී නොතිබූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.
232 Views
Comments