යුද ප්‍රතිපත්තිය විවේචනය කළ ප්‍රකෝටිපතියා හෝටලයේ දෙවන මහලෙන් වැටී මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
28

යුද ප්‍රතිපත්තිය විවේචනය කළ ප්‍රකෝටිපතියා හෝටලයේ දෙවන මහලෙන් වැටී මරුට

යුද ප්‍රතිපත්තිය විවේචනය කළ ප්‍රකෝටිපතියා හෝටලයේ දෙවන මහලෙන් වැටී මරුට

රුසියානු කෝටිපති වෙළෙඳ ව්‍යාපාරිකයෙක් වන පවෙල් ඇන්ටෝව් ඉන්දියාවේ සංචාරයක් අතරතුරදී මරණයට පත්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

 

රුසියාව තුළ "සොසේජස්" ව්‍යාපාරයේ ප්‍රමුඛයෙක් වන ඇන්ටෝව් හෝටලයක දෙවැනි මහලෙන් බිමට වැටී ඇති බව පොලීසිය පැවසීය.

 

ඔහු සමග ඉන්දීය සංචාරයට එක්ව සිටි ඔහුගේ මිතුරාද ඊට  දෙකකට පෙර ජීවිතක්ෂයට පත්ව තිබුණි.

 

පවෙල් ඇන්ටෝව් නැගෙනහිර මොස්කව් ප්‍රදේශයේ ව්ලැද්මීර් නම් නගරයේ ප්‍රකට පුද්ගලයෙකි.

 

ඔහු සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවූයේ පසුගිය කාලයේ ඔහු රුසියානු - යුක්‍රේන යුද්ධය විවේචනය කිරීම හේතුවෙනි.

 

එම හේතුවෙන් ඔහු රුසියානු බලධාරීන්ගේ උදහසට පාත්‍රවී සිටි බව සඳහන් ය.

 

views

259 Views

Comments

arrow-up