සෝල් අගනුවර තෙරපීමෙන් මියගිය ගණන 151 දක්වා ඉහළට, ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
30

සෝල් අගනුවර තෙරපීමෙන් මියගිය ගණන 151 දක්වා ඉහළට, ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි

සෝල් අගනුවර තෙරපීමෙන් මියගිය ගණන 151 දක්වා ඉහළට, ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි

දකුණු කොරියාවේ සෝල් අගනුවර සිදුවූ තෙරපීමෙන් මියගිය සංඛ්‍යාව 151 දක්වා ඉහළ ගොස් තිබේ.

 

වාර්තා වන ආකාරයට ඒ අතර විදෙස් ජාතිකයන් 19 දෙනෙකු ද සිටියි.

 

මෙම සිද්ධියෙන් තවත් පුද්ගලයින් 82 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

 

මෙම සිදුවීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

 

දකුණු කොරියානු ජනාධිපතිවරයා විපතට පත් වූවන්ගේ පවුල් වෙත සිය ශෝකය පළ කර ඇති අතර තුවාල ලැබූ පිරිසට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ.

 

views

206 Views

Comments

arrow-up