SEP
14
අයිස්ක්‍රීම් ගන්න ගිහින් විදුලි සැර වැදුනු දැරිය මිය යයි

ඉන්දියාවේ වයස අවුරුදු 4ක කුඩා දැරියන් විදුලි සැර වැදී මිය ගොස් තිබේ.
ඇය ඇගේ පියා සමඟ වෙළඳසැලක් වෙත ගොස් ඇත්තේ අයිස්ක්‍රීම් මිලදී ගැනීමටයි.
දැරියගේ පියා ජංගම දුරකථන ඇමතුමක රැඳී සිටිමින් අධිශීතකරණයේ ඇති අයිස්ක්‍රීම් මිලදී ගැනීමට සැරසී ඇත.
එහිදී දැරිය අධිශීතකරණයේ එල්ලී සිටින අතරතුර නොසිතූ ලෙස විදුලි සැර වැදී ඇගේ හිස පසුපසට කඩාවැටී ඇත.
අනතුරුව දැරිය බිම ඇද වැටෙන අතර දැරියගේ පියා සහ වෙළඳසැල අසළ සිටි පිරිස වහා ම දැරිය රෝහල් ගත කර තිබේ.
වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ දැරිය ඒ වන විටත් මියගොස් ඇති බවයි.
305 Views
Comments