ඇමෙරිකානු ජනපති නිවසට අමුත්තන් පැමිණීම ගැන මතභේදයක්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පෞද්ගලික නිවසට අමුත්තන් ඇතුළු වීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.
ඒ, ඩෙලාවෙයා හි පිහිටි එම නිවසින් රහසිතගත ලේඛණ සොයා ගැනීමත් සමගයි.
බරක් ඔබාමාගේ පාලන කාලය තුළ භාවිත කළ රහස්‍ය ලියකියවිලි ඇතුළත් ලිපි ගොනු කිහිපයක් එලෙස සොයා ගෙන තිබුණා. ඒ වනවිට ජෝ බයිඩ්න් කටයුතු කළේ අමෙරිකාවේ උප ජනාධිපතිවරයා ලෙසයි.
මෙම ලිපි ගොනු සොයා ගැනීමත් සමග අමෙරිකානු ජනාධිපතිවරයාගේ නිවසට පැමිණෙන අමුත්තන්ගේ තොරතුරු සම්බන්ධයෙන් තබන ලොග් සටහන් අමෙරිකානු රිපබ්ලිකන් පක්ෂය විසින් ඉල්ලා තිබුණා.
කෙසේවෙතත් ධවල මන්දිරය එම තොරතුරු පළ කරන්නේ ද යන්න මේවනතුරුත් පළ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
191 Views
Comments