කොවිඩ් ගැන සාකච්ඡා කරන්න WHO හදිසි රැස්වීමක්

චීනයේ වාර්තා වෙමින් පවතින කොවිඩ්-19 වසංගතයේ නව රැල්ල සම්බන්ධයෙන් ගතයුතු පියවර සාකච්ඡා කිරීම සඳහා කොරෝනා වසංගතය පිළිබඳ විශේෂඥයන් පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධාන (WHO) මුලස්ථානයේ රැස් වූ බව එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.
කොවිඩ්-19 පිළිබඳ තාක්ෂණික උපදේශක කණ්ඩායමේ මෙම රැස්වීමට සහභාගී වීමට චීන විද්‍යාඥයින්ටද ආරාධනා කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙකු ජිනීවා හිදී මාධ්‍යවේදීන් හමුවේ තහවුරු කර ඇත.
30 දෙනකුගෙන් යුත් මෙම විශේෂඥ කණ්ඩායම 2020 ජුනි මාසයේදී පළමු වරට පිහිටුවන ලද්දේ එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සියට සහ සාමාජික රටවලට කොරෝනා වසංගතයේ විකෘති සහ ප්‍රභේද පිළිබඳව උපදෙස් ලබාදීම සඳහා ය.
223 Views
Comments