ටෙක්සාස් හි වෙළෙඳ සංකීර්ණයක වෙඩිතැබීමකින් නව දෙනෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
07

ටෙක්සාස් හි වෙළෙඳ සංකීර්ණයක වෙඩිතැබීමකින් නව දෙනෙකු මරුට

ටෙක්සාස් හි වෙළෙඳ සංකීර්ණයක වෙඩිතැබීමකින් නව දෙනෙකු මරුට

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නගරයේ වෙළෙඳ සංකීර්ණයක් තුළට ඇතුළු වූ තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 09 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

 

එසේම,  තවත් පුද්ගලයන් 07 දෙනෙකු පමණ රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගන්නා බවත් එයින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් විදෙස් මාධ්‍ය කියයි.

 

තුවාල වූ පිරිස අතර කුඩා ළමුන් ද සිටින බව වාර්තා වන අතර, පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීම් හේතුවෙන්  තුවක්කුකරුද මියගොස් ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

views

207 Views

Comments

arrow-up