වසර 37කට පසු බ්‍රිතාන්‍ය පවුම පහළට

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුම වාර්තාගත අයුරින් පහළ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පවුම පහළ වැටීමට හේතු වූයේ ඉහළ උද්ධමනය හමුවේ රාජ්‍ය ණය ගැනීම් හා වියදම් ඉහළ නැංවීමට වසර 50ක් ඇතුළත බ්‍රිතාන්‍ය සිදු කරන විශාලතම බදු කප්පාදුව ක්‍රියාත්මක කරන බව නිවේදනය කිරීමත් සමඟය.
පසුගිය සඳුදා උදෑසන වන විට බ්‍රිතාන්‍ය පවුමට සාපේක්ෂව අමෙරිකානු ඩොලරය 1.035ක අගයක් පෙන්නුම් කර තිබේ.
අවසන් වරට මෙවැනි අවපාතයකට බ්‍රිතාන්‍ය පවුමට මුහුණ දීමට සිදු වූයේ 1985 වසරේදීය. එවර පවුමක වටිනාකම ඩොලර් 1.05ට මඳක් වැඩි විය.
251 Views
Comments