ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
07

ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවෙන්

ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවෙන්

ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවේ මුම්බායි නගරයේ හිඟා කන අයුරු දැක බලා ගත හැකි බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි. 

 

ඉකෝනොමික් ටයිම්ස් සඟරාවට අනුව භාරත් ජේන් ලොව ධනවත්ම යාචකයා වන අතර ඔහු මුම්බායි නගරය පදනම් කරගනිමින් තම රැකියාවේ නිරත වන බව පෙන්වා දී තිබේ.

 

භාරත් ජේන්ගේ දළ වත්කම ඉන්දියානු රුපියල් කෝටි 7.5 ක් වන බවත් මාසික ආදායම ඉන්දීය රුපියල් 60000ත් 75000ත් අතර වන බවත්  ඉකොනොමික් ටයිම්ස් සඟරාව සඳහන් කර ඇත.

 

එසේම භාරත් ජේන්ට ඉන්දියානු රුපියල් කෝටි 1.2 ක් මහල් නිවාසයක් ද , මසකට ඉන්දීය රුපියල් 30000 ක කුලියක් ගෙවනා ව්‍යාපාරික ස්ථාන දෙකක්ද තිබෙන බව එම සඟරාව පෙන්වා දෙයි.

 

ධනවත් පුද්ගලයෙකු වීමෙන් පසුවත් ජේන් හිඟා කෑම නවතා නොමැති අතර ඔහු දිනකට පැය 10-12 අතර කාලයක් හිඟා කෑමෙන් ඉන්දීය රුපියල් 2000 ත් 2500 ත් අතර ප්‍රමාණයක් උපයන බවත් ඉකොනොමික් ටයිම්ස් සඟරාව වැඩිදුරටත් සඳහන් කර ඇත.

views

435 Views

Comments

arrow-up