ලීක් වුණු නිරුවත් ඡායාරූප, වීඩියෝ අන්තර්ජාලයෙන් ඉවත් කරන්නෙ මෙහෙමයි

මේ දිනවල පරිගණකවලින් සිදුවන අපරාධ ද බොහෝ වාර්තා වෙමින් තිබේ. එම වාර්තාවන සිද්ධිවලින් වැඩි ප‍්‍රමාණයක් කාන්තාවන් මූලික කොට ගනිමින් ඇති වූ අපරාධ ය.
අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් ව්‍යාජ ගිණුම් භාවිතා කර සාවද්‍ය තොරතුරු පතුරුවා හැරීම්, සමාජ මාධ්‍ය වෙත අනවසරයෙන් ඇතුළු වී කෙරෙන අපරාධ බහුලව සිදුවෙමින් තිබේ.
එහිදී කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ පළ කිරීම, කාන්තාවන්ගේ සාමාන්‍ය ඡායාරූප සංස්කරණය කර වෙනත් නිරුවත් ඡායාරූප සමග බද්ධ කර සමාජ මාධ්‍ය තුළ පළ කිරීම් සම්බන්ධ සිද්ධි බොහෝ සේ වාර්තා වේ.
එලෙස ව්‍යාජ සහ සංස්කරණය කරන ලද ඡායාරූප බොහෝවිට කාන්තාවන් අලෙවි කරන වෙබ් අඩවිවල එම කාන්තාවන්ගේ දුරකථන අංක සමග පළ කරනු ලැබේ. එවැනි සිදුවීම් සිදුවන්නේ බොහෝවිට වෛරී අරමුණු පදනම් කර ගනිමිනි.
මෙලෙස ඔබගේ අසභ්‍ය වීඩියෝ පටයක්, ඡායාරූප, ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට අනවසරයෙන් මාධ්‍යවලට මුදාහැර ඇත්නම් එම වීඩියෝ පට සහිත පිටු, ලින්ක් සහ සාක්ෂි සහිතව ශ්‍රී ලංකා හදිසි ප‍්‍රතිචාර සංසදය වෙත 101 හදිසි ඇමතුම් අංකයට ලබාදීමෙන් ඒ අදාළ පරීක්ෂණ කටයුතු සිදු කර පැය විසිහතරක් යෑමට මත්තෙන් ඔබට එම දර්ශන ඉවත් කරගත හැකි වේ.
ඔබගේ ජංගම දුරකථනය සහ අන්තර්ජාලය භාවිතය පරීක්ෂාකාරීව පවත්වා ගැනීමට ඔබ තව තවත් අවධානය දෙන්න.
1546 Views
Comments