AUG
08
චන්ද්‍රයාන් සඳේ ඡායාරූප එවයි.

පසුගිය සෙනසුරාදා චන්ද්‍ර කක්ෂයට ඇතුළු වූ චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය විසින් ගන්නා ලද චන්ද්‍රයාගේ පළමු ඡායාරූප ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය විසින් නිකුත් කරනු ලැබ තිබේ.
අභ්‍යවකාශ යානය චන්ද්‍රයාට සමීප වීමත් සමග චන්ද්‍ර පෘෂ්ඨයේ ඇති ආවාට විශාලව දිස්වන අයුරු ඡායාරූප වලින් දැක්වේ.
චන්ද්‍රයාන් - 3 හි ලෑන්ඩරය සහ රෝවරය අගෝස්තු 23 වැනිදා චන්ද්‍ර පෘෂ්ඨයට ළඟා වීමට නියමිතය.
එය සාර්ථක වුවහොත්, චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ආසන්නව "මෘදු ගොඩබෑමක්" සිදුකරන පළමු රට ඉන්දියාව වනු ඇත.
530 Views
Comments