අයිෆෝන්වල සිදුවන අලුත්ම වෙනස

ඇපල් සමාගම එළිදැක්වීමට නියමිත නවතම අයිෆෝන් මාදිලියේ චාජින් පෝර්ට් එක වෙනස් කිරීමකට ලක් කර ඇති බව වාර්තා වේ.
ඇපල් සමාගමට අයත් අයිෆෝන් ජංගම දුරකතනයේ බැටරි අරෝපනය කිරීම සඳහා එම සමාගමට ආවේණික ආරෝපකයන් හැර වෙනත් කිසිදු ආරෝපකයක් යොදා ගැනීමේ හැකියාවක් තිබුණේ නැත.
කෙසේ වුව ද පසුගිය වසරේ දී යුරෝපා සංගමය ඇපල් සමාගමෙන් ඉල්ලා සිටියේ අනෙකුත් ජංගම දුරකතන මාදිලියන් සදහා භාවිත කරන ආකාරයේ පොදු ආරෝපකයක් යොදා ගත හැකි ලෙස මෙය වෙනස් කිරීමකට ලක් කරන ලෙසයි.
ඒ අනුව ලබන 12 වන දින එළිදැක්වීමට නියමිත ඇපල් සමාගමේ නවතම ජංගම දුරකතනය ආරෝපනය කිරීම සදහා යූ එස් බී ටයිප් සී වර්ගයේ ආරෝපකයන් භාවිතා කර හැකි පරිදි එහි චාජින් පෝර්ට් එක වෙනස් කිරීමකට ලක් කර ඇති බව වාර්තා වේ.
919 Views
Comments