ආදිත්‍යා, හිරු ගැන ඔත්තු බලන්න යයි.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් දියත් කෙරෙන පළමු වැනි සූර්ය ගවේෂණ යානය වන ආදිත්‍යා L1 හෙට පෙරවරු 11:50 ට අභ්‍යවකාශගත වීමට නියමිතයි. ඒ ශ්‍රීහරිකෝටා හි පිහිටි සතිෂ් ධාවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට PSLV-C57 රොකට්ටුවක ආධාරයෙනි.
යානයේ අභිප්‍රාය වන්නේ සූර්ය කොරෝනාව අධ්‍යයනය කිරීමයි. එසේ ම සූර්යයාගේ වර්ණගෝලය, ප්‍රකාශගෝලය සහ සූර්ය සුළඟ ද අධ්‍යයනය කළ හැකි විද්‍යාත්මක උපකරණ ද එය සතුයි.
දියත් කිරීමෙන් අනතුරුව එය පෘථිවියේ සිට සූර්යයාට ඇති දුරෙන් 1% ක් දුරින් ඇති ලාග්‍රාන්ජ් ලක්ෂ්‍යයක් වෙත පිවිසීමට නියමිතයි.
ලාග්‍රාන්ජ් ලක්ෂ්‍යයක් යනු අභ්‍යවකාශ වස්තූන් දෙකක් අතර පවතින ගුරුත්වාකර්ෂණය තුලිත වන ස්ථානයකි. එවැනි ස්ථානයක යම් කිසි යානයක් දීර්ඝ කාලීන ව රඳවා තැබිය හැකියි.
1037 Views
Comments