චීන විද්‍යුත් මෝටර් රථ අපනයනය 90%කින් වර්ධනය වෙයි

ලොව ප්‍රමුඛතම මෝටර් රථ අපනයනකරු ලෙස වැජඹුණු ජපානය අභිබවා යාමට චීනය සමත්ව තිබේ.
2023 වසරේ පළමු කාර්තුවේ ඔවුන් මෝටර් රථ මිලියන 1.07ක් අපනයනය කර ඇති බව චීන බලධාරීන් පවසයි.එම කාලය තුළදී ජපානය අපනයනය කර ඇත්තේ මෝටර් රථ 954,185ක් පමණි.
මේ අතර විචාරකයින් පවසන්නේ ඉන්ධන භාවිතයෙන් ධාවනය කෙරෙන මෝටර් රථ වෙනුවට විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනයට චීනය ප්‍රමුඛත්වය ලබා දීම ඔවුන්ගේ වාසියට හේතුවී ඇති බවය.
මේ වනවිට ලොවපුරා බොහෝ රටවල් සිය රථවාහන අවශ්‍යතාව සපුරාගැනීමේදී විද්‍යුත් රථවාහන ආනයනය සඳහා ප්‍රමුඛතාවක් ලබාදීමද මෙම තත්ත්වයට හේතුවී තිබේ.
2022 වසරේදී ඊට පෙර වසරවලට වඩා චීන විද්‍යුත් මෝටර් රථ අපනයනය සියයට 90කින් වර්ධනය වී ඇති බවද සඳහන් වෙයි.
332 Views
Comments