JUN
02
17 දෙනෙක් එකවිට අභ්‍යවකාශයේ සැරිසරයි.

මැයි 30 වැනි දා කෙටි කාල සීමාවක් තුළ කක්ෂයකට පිවිසී සිටින ගගනගාමීන් සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගියේය. ඔවුන් රටවල් පහක නියෝජනය කරන ලදි.
මීට පෙර වැඩි ම පිරිසක් පෘථිවි කක්ෂයක සිටීමේ වාර්තාව අලුත් වූයේ 2021 වසරේ දී යි. ඒ ගගනගාමීන් 14 දෙනෙකු සමඟිනි.
Axiom-2 මෙහෙයුම නිමා කරමින් එයට අනුයුක්ත ගගනගාමීන් සිව් දෙනා රැගත් SpaceX Dragon කැප්සියුලය ෆ්ලොරීඩා වෙරළ තීරයට ඔබ්බෙන් මුහුද මතට පහත් විය. ඒ අනුව කක්ෂගත ව සිටින මුළු ගගනගාමීන් සංඛ්‍යාව 13 ක් දක්වා අඩු විය.
358 Views
Comments