ලෝකය අවදානම් කලාපයකට ඇද දමා ඇත - විද්‍යාඥයන් පවසයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
11

ලෝකය අවදානම් කලාපයකට ඇද දමා ඇත - විද්‍යාඥයන් පවසයි

ලෝකය අවදානම් කලාපයකට ඇද දමා ඇත - විද්‍යාඥයන් පවසයි

මිනිස් ක්‍රියාකාරකම් මගින් පෘථිවියේ යහපැවැත්ම සඳහා වූ ආරක්ෂක නිර්ණායක අටෙන් හතක් උල්ලංඝනය කර, ලෝකය අවදානම් කලාපයකට ඇද දමා ඇති බව විද්‍යාඥයන් පවසයි.

 

 

ජල පෝෂක, වායු දූෂණය, පරිසර පද්ධති විනාශ කිරීම මගින් පෘථිවිය ආපසු හැරවිය නොහැකි අස්ථාවරභාවයක් කරා රැගෙන ගොස් ඇති බවට ලොවපුරා විද්‍යාඥයින් 40 දෙනෙකුගෙන් සමන්විත අර්ත් කොමිෂන් නම් සංවිධානය පවසයි.

 

 

මෙම සංවිධානය විදෙස් සඟරාවක් වෙත තම පර්යේෂණ වාර්තාව ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ මිනිසුන් විසින් පෘථිවිය ආරක්ෂිත හා සාධාරණ පරිසරයක් බවට පත් කරන මායිම් සියල්ලම පාහේ උල්ලංඝනය කර ඇති බවයි.

views

375 Views

Comments

arrow-up