ලොව පළමු පුංචි රොබෝව

CIA හෙවත් ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍යම බුද්ධි ඒකකය 1970 දී ලොව මුල්ම මයික්‍රො රොබෝව නිර්මාණය කර ඇත. ඒ බත්කූරෙකුගේ රොබෝවකි.
ඔත්තු බැලීමේ කටයුතු සඳහා ඔවුන් විසින් වැඩිදියුණු කළ දියුණු යන්ත්‍රෝපකරණවලින් එකක් ලෙස මේ කුඩා රොබෝ යන්ත්‍රය (insectothopter) සැලකේ. සෑම අතින්ම සාමාන්‍ය බත්කූරෙකුට සමාන වෙන විදියට නිර්මාණය කරපු මේ රොබෝ යන්ත්‍රයට අවශ්‍යය බලය ලබා දෙන්නේ ඔරලෝසු යන්ත්‍රයක් වැනි කුඩා ඇන්ජිමකිනි.
ඒ ඇන්ජිම අතිදක්ෂ ඔරලෝසු සාදන්නෙක් අතින් නිර්මාණය වූ බව පැවසේ. දුරස්ථ පාලකයක් මඟින් පාලනය වෙන්නත්, ලේසර් කිරණ අනුව මාර්ගය හොයාගෙන යන්නත් වගේම දුරස්ථ රහසිගත සාකච්ඡාවලට ඇහුම්කන් දී ඒවා වාර්තා කරන්නත් මේ රොබෝවට හැකියාව ඇත.
314 Views
Comments