Google Map නවතම විශේෂාංගය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
03

Google Map නවතම විශේෂාංගය

Google Map නවතම විශේෂාංගය


ලොව පුරා නොදන්නා ස්ථාන සොයා ගැනීමට ‘Google Maps’ මහඟු ලෙස උපකාරී වේ. ආරම්භයේ දී මාර්ග සිතියමක් ලෙස ක්‍රියාත්මක වූ මෙම යෙදවුමට පසුගිය කාලය ඇතුළත විවිධ විශේෂාංග එක් වී තිබේ. යම්කිසි ආයතනයක් විවෘත ව පවතින වේලා, මාර්ගවල පවතින වාහන තදබදය සහ පොදු ප්‍රවාහන සේවා සම්බන්ධ සවිස්තරාත්මක තොරතුරු වැනි දෑ ලබා ගැනීමට ඇති පහසුකම් ඒ අතර වේ.



මෙම යෙදවුමට එක් වී ඇති නවත ම විශේෂාංගය ‘immersive view’, එනම් ‘ත්‍රිමාණ පිළිබිඹුව’ ලෙස හැඳින්වේ. මෙම පහසුකම සමඟ යාවත්කාලීන වූ ගූගල් සිතියම් යෙදවුම භාවිතා කරන්නන්ට ඔවුන්ට සොයා ගැනීමට අවශ්‍ය ස්ථානයේ ත්‍රිමාණ දසුන් ලබා දේ.



මෙම පහසුකම සමඟ යම්කිසි ප්‍රදේශයක්, සුවිශේෂී ස්ථානයක්, අවන්හලක් හෝ වෙනත් ප්‍රසිද්ධ ස්ථානයක් ඉතා පුළුල් ලෙස නැරඹීමට ගූගල් සිතියම් භාවිත කරන පුද්ගලයන්ට අවස්ථාව ලැබේ. ත්‍රිමාණ පිළිබිඹුව සමඟ එම ස්ථානයේ සැබැවින් ම රැඳී සිටින ආකාරයේ හැඟීමක් භාවිතා කරන්නන් තුළ ඇති කරවිය හැකි ආකාරයෙන් මෙම විශේෂාංගය හඳුන්වා දී ඇත.



‘immersive view’ හරහා එකිනෙකට වෙනස් කාලවල යම්කිසි ස්ථානයක් දිස් වන අයුරු ද ත්‍රිමාණ ව දැකගත හැක. එමගින් උදෑසන, දහවල් සහ රාත්‍රී කාලවල, සහ වෙනස් කාලගුණ තත්ත්වයන් යටතේ යම්කිසි ස්ථානයක් පවතින්නේ කෙබඳු ආකාරයෙන් ද, ඒ ඒ කාලවල අදාළ ස්ථානවල ජනාකීර්ණ බව කෙබඳු ද යන්න ගැන පූර්ව අවබෝධයක් ලබාගත හැකි වේ.
 

views

336 Views

Comments

arrow-up