තමාගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ජාලාවලින් ඉවත් කරන්න ක්‍රමයක්

නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ජාලවල පළ වීමේ සිදුවීම් නිරන්තරයෙන් වාර්තා වේ. මේ හේතුවෙන් කුඩා ළමයින්ට සිදු වන අපහසුතා පිළිබඳ ව විශේෂයෙන් සැලකිල්ලට ගනිමින් මෙටා සමාගම එවැනි සිදුවීම් පිටුදැකීමට විශේෂ වැඩසටහනක් අරඹා තිබේ.
මෙටා සමාගම මේ වන විට හඳුන්වා දී ඇති ‘Take It Down’ නම් විශේෂාංගය එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පියවර ගැනීමට උපකාරී වේ.
‘Take It Down’ වෙබ් අඩවියට පිවිස තමන්ගේ නිරුවත් ඡායාරූපයක් වේ නම් ඊට අදාළ හෑෂ් අගයක් (දත්ත හඳුනාගැනීම සඳහා භාවිත කළ හැකි නිශ්චිත සංඛ්‍යාත්මක අගයක්) උඩුගත කිරීමට අවස්ථාව ලැබේ. නිර්නාමිකව අදාළ ඡායාරූපය උඩු ගත කළ හැකි වීම විශේෂත්වයකි.
ඡායාරූපයට අදාළ හෑෂ් අගය නිර්මාණය කිරීමට ඔවුන් TakeItDown.NCMEC.org යන වෙබ් අඩවියට පිවිස අදාළ මෘදුකාංගය සිය උපාංගයට බාගත කර ගත යුතු වේ. උඩුගත කරන හෑෂ් අගය මෙටා සමාගමට සම්බන්ධ දත්ත පද්ධතියක ගබඩා කර තැබේ. එම ඡායාරූපය යම්කිසි පුද්ගලයෙක් ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලවලට උඩුගත කළහොත් අදාළ දත්ත පද්ධතිය හරහා එය හඳුනාගෙන, කෙටි වෙලාවකින් එය ඉවත් කිරීම සිදු වේ.
394 Views
Comments