ඇපල් හඳුන්වා දුන් නවතම උපාංගය

ඇපල් සමාගම බොහෝ දෙනෙකු දැඩි උනන්දුවකින් බලා සිටි ඔග්මෙන්ටඩ් රියැලිටි හෙඩ්සෙට් එකක් වන 'Apple Vision Pro' එළිදක්වා තිබේ.
මෙම හෙඩ්සෙට් එක පැය දෙකක කාලයක් බැටරි බලයෙන් ක්‍රියාත්මක කළ හැකි අතර, එහි මිල අමෙරිකානු ඩොලර් 3,499 කි (රු. ලක්ෂ 10 ක් පමණ). එය ලබන වසරේ මුල දී එක්සත් ජනපදයට නිකුත් කිරීමට නියමිත ය.
දැනට වෙළෙඳපොළේ ඇති වර්චුවල් රියැලිටි හෙඩ්සෙට්වලට වඩා එය සැලකිය යුතු ලෙස මිලෙන් අධික ය. පසුගිය සතියේ මෙටා සමාගම අමෙරිකානු ඩොලර් 499 ක (රු. 146,000 ක් පමණ) වටිනාකමකින් යුතු සිය Quest 3 හෙඩ්සෙට් එක එළිදැක්වීය.
328 Views
Comments