යං බීස් ක්‍රීඩා සමාජය වත්තල පාපන්දු ශූරතාවය ජය ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

යං බීස් ක්‍රීඩා සමාජය වත්තල පාපන්දු ශූරතාවය ජය ගනී

යං බීස් ක්‍රීඩා සමාජය වත්තල පාපන්දු ශූරතාවය ජය ගනී

රන් කුසලාන පාපන්දු තරගාවලිය වත්තල පාපන්දු ලීගය සංවිධානය කළ අතර එහි ශූරතාව දිනා ගැනීමට යං බීස් කණ්ඩායම සමත් විය. රිදී කුසලාන ශූරතාව මාබෝලේ යූත් කණ්ඩායමට හිමි විය.

 

රන් කුසලාන අවසන් මහා තරගයේදී යං බීස් පාපන්දු පිල හමුවේ මහර යූත් ක්‍රීඩා සමාජය දඬුවම් පහර 3-2 ක් ලෙස පරාජය විය. තරගය කැලණිය පාපන්දු සංකීර්ණයේ පැවැත්විණි.

 

යං ස්ටාර් පාපන්දු සමාජය සහ මාබෝලේ යූත් පාපන්දු සමාජය අතර රිදී කුසලාන අවසන් මහා තරගය පැවැත්විණි. එහිදී ගෝල් 3-0 ක ජයක් හිමි කර ගැනීමට මාබෝලේ කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජේ. ශ්‍රී රංගා, උප සභාපති උඩුවර, මහර බන්ධනාගාර කොමසාරිස් ගජනායක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් තරගාවලියේ ජය සංකේත ප්‍රදානය සිදු කෙරිණි.

views

207 Views

Comments

arrow-up