ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද පස්වරුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
28

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද පස්වරුවේ

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද පස්වරුවේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 05.00ට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

 

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇත.

 

මේ අතර ජුලි මස 01 වැනි සෙනසුරාදා පාර්ලිමේන්තුව කැඳවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි අදාළ කැඳවීම සිදුකළ බව ගැසට් නිවේදනයේ සඳහන් වන අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අත්සනින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

views

231 Views

Comments

arrow-up