පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් අවස්ථාව ලැබෙන ලෙස දරුවන්ට පහසුකම් සලසා දිය යුතුයි

රජයේ විශ්වවිද්‍යාලවලට පමණක් නොව පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ද අවස්ථාව ලැබෙන පරිදි දරුවන්ට පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය බවත් තමන් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී එම අවස්ථා වැඩි කිරීමට කටයුතු කළ බවත් එම රජය එම අවස්ථාවන් වැඩි කිරීමට කටයුතු කළ බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
මේ සම්බන්ධයෙන් ණය ක්‍රමයේ මතුව ඇති මූල්‍ය ගැටලු විසඳීමට කටයුතු කරන බවත් අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
විපක්ෂ නායකවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
උසස් අධ්‍යාපනය සඳහා උපාධි පාඨමාලා හැදෑරීමට රජය ක්‍රියාත්මක කරන ණය යෝජනා ක්‍රමයේ 2021/2022 කාණ්ඩයේ ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කර නොමැති බව පවසමින් අදාළ ප්‍රශ්නය මතු විය.
209 Views
Comments