විපක්ෂය මැතිවරණයක් ඉල්ලන්නේ කොලොප්පමට

ඉපදුණු රට දියුණු කිරීම හැර වෙනත් කිසිදු න්‍යාය පත්‍රයක් පොදුජන පෙරමුණට නැති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඒ නිසා විපක්ෂය මවන බොරු බිල්ලන්ට බිය නොවී ආර්ථිකය ස්ථාවර කර රට දියුණු කිරීමට වර්තමාන රජයට සහය දක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද රණතුංග මහතා පැවසීය.
උඩුගම්පොළ රෙජී රණතුංග සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
විපක්ෂය මැතිවරණයක් ඉල්ලා කෑ ගහන්නේ කොලොප්පමට බව කී අමාත්‍යවරයා ඡන්දය දුන්නේ නැත්නම් කොළඹ වටලනවා කිව්ව විරෝධතාවයට ඇවිත් හිටියේ ඉතා සුළු පිරිසක් බව තමා රූපවාහිනියේ දුටු බවත් සඳහන් කළේය.
268 Views
Comments