පලාලි ගුවන් තොටුපළ විශාල කිරීමට උපදෙස්

පලාලි ගුවන් තොටුපළේ මෙහෙයුම් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ධාවන පථය දීර්ඝ කිරීම සහ පර්යන්තය පුළුල් කිරීම සිදු කළ යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පලාලි ගුවන් තොටුපලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.
පලාලි ගුවන් තොටුපළේ මීටර් 2300ක් දිග ධාවන පථයෙන් භාවිත කළ හැක්කේ මීටර් 1400ක් පමණක් බැවින් දැනට පැමිණිය හැක්කේ මගීන් 70ක් රැගෙන යා හැකි ගුවන් යානාවලට පමණි.
ඒ අනුව ධාවන පථයේ මීටර් 900ක් අලුත්වැඩියා කර තවත් මීටර් 300කින් දීර්ඝ කිරීමට තීරණය විය.
මෙම පර්යන්තය පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 168 ක මුදලක් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමට උපදෙස් දී ඇත.
219 Views
Comments