සැප්තැම්බර් මාසය වනවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කරනවා

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීම සඳහා සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ලන්ඩන් නුවර පැවති ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ 40 වැනි සංවත්සරයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (IDU) 40 වැනි සංවත්සරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජුනි මස 19 සහ 20 යන දෙදින තුළ ලන්ඩනයේ පැවති ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (IDU) වාර්ෂික සංසදයට එක් විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කැනඩාවේ හිටපු අගමැති ස්ටීවන් හාපර් මහතා සමඟ පැවැති සාකච්ඡාවකදීය.
221 Views
Comments