හැම ගෙදරකම මොනවාහරි වගා කර ගන්න - වෙළඳ ඇමති අනතුරු අඟවයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
25

හැම ගෙදරකම මොනවාහරි වගා කර ගන්න - වෙළඳ ඇමති අනතුරු අඟවයි

හැම ගෙදරකම මොනවාහරි වගා කර ගන්න - වෙළඳ ඇමති අනතුරු අඟවයි

ජනවාරි මාසයේ සිට සෑම පුද්ගලයෙකුම තම තමන්ගේ ගෙවත්තේ කුමන හෝ බෝගයක් සිටුවීම සුදුසු බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

 

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

 

වැඩිදුරටත් අදහස් දැක්වු වෙළද අමාත්‍යවරයා

 

"සෑම නිවසකම වගේ මිරිස් පැල කිහිපයක්, බටු පැලයක්, නිවිති ටිකක් වගා කරගන්න. මේ වගේ කෙටි කලකින් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අපි යෝජනා කරලා තියෙනවා කඩිනම් වගා සංග්‍රාමයක්. ජනවාරි මාසයේ සිට තම තමන්ගේ ගෙවත්තේ මොනවා හරි වගාකරගන්න. මොකද දෙවන ලෝක යුද්ධ කාලෙත් ඉතා විශාල ආහාර හිඟයක් ඇති වුණා."

views

1306 Views

Comments

arrow-up