ආර්. සම්පන්ධන් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්වෙයි

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්ධන් මන්ත්‍රීවරයා වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාකාරී දේශපාලන කටයුතු වලින් ඉවත්ව විවේක ගැනීමට තීරණය කොට ඇතැයි දෙමළ ජාතික සන්ධානය විසින් ඊයේ(19) නිකුත් කරණ ලද නිවේදනයක දැක්වේ.
සම්පන්ධන් මන්ත්‍රීවරයාට මේ අවස්ථාවේදී දැඩි විවේකයක් අවශ්‍ය බැවින් වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ඔහු ඇද විවේක ගනිමින් සිටින අතර ඔහු දේශපාලන සාකච්ඡා මාධ්‍ය හමු සහ අමුත්තන් මුණගැසීම තාවකාලිකව නවතා තිබේ.
කෙසේ වුවද සම්පන්ධන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයෙන් ඉවත් වීමක් හෝ ඒ වෙණුවට වැඩ බලන නායකයෙකු පත්කොට නොමැති බවත් දෙමළ ජාතික සන්ධානයේ නිවේදනයේ සදහන්වේ.
753 Views
Comments