ජවිප ශ්‍රීලනිප හවුල් ආරාධනයට ජවිපේ ස්තූතිය
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
23

ජවිප ශ්‍රීලනිප හවුල් ආරාධනයට ජවිපේ ස්තූතිය

ජවිප ශ්‍රීලනිප හවුල් ආරාධනයට ජවිපේ ස්තූතිය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්  රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එක්ව කටයුතු කිරීමට සූදානම් බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

 

මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද ප්‍රතිචාර දක්වා සිටියා.

 

ඔහු දයාසිරි මහතාගේ මෙම ආරාධනයට සිය ස්තුතියි ප්‍රකාශ කර තිබෙනවා.

 

කෙසේ නමුත් වැඩිදුරටත් අදහස් දක්වමින් විජිත හේරත් මහතා කියා සිටියේ නිදහස් පක්ෂය සමඟ සන්ධානගත වීම සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් මේ වන විට ගෙන නොමැති බවයි.

views

994 Views

Comments

arrow-up