හොරකම් මැරකම් නතර කර හොරු ඔක්කොම නීතිය හමුවට ගේනවා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

හොරකම් මැරකම් නතර කර හොරු ඔක්කොම නීතිය හමුවට ගේනවා

හොරකම් මැරකම් නතර කර හොරු ඔක්කොම නීතිය හමුවට ගේනවා

හොරකම් මැරකම් අල්ලස දූෂණය නතර කර හොරු සියල්ල නීතිය හමුවට ගෙනවිත් දඩුවම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

දේශපාලකයන් සහ ඔවුන්ට සම්බන්ධ පිරිස් හොරකම් කළ මුදල් නැවත රටට ලබා ගෙන එම මුදල් සෞඛ්‍ය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර සඳහා යොදවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයට ලක්ෂ 50ක් වටිනා බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

 

නැවත වරක් රට බංකොලොත් වීමට ඉඩ දිය නොහැකි බවත් දැනුම කේන්ද්‍ර කරගත් වැඩපිළිවෙළක් මගින් රටත් ජනතාවත් දිනවීමට කටයුතු කරන බවත් ප්‍රේමදාස මහතා එහිදී සඳහන් කළේය.

 

එළඹෙන ජුනි 23 වැනි දාට දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උපන් දිනය සමරන බවත් ඒ වෙනුවෙන් රට පුරා අධ්‍යාපන, සෞඛ්‍ය සහ සංවර්ධන ක්ෂේත්‍රයේ වැඩකටයුතු රාශියක් ක්‍රියාත්මක කර බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

සමගි ජන බලවේගය විපක්ෂයේ සිටියත් රට දැනුම් කේන්ද්‍රස්ථායක් බවට පත් කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම දමමින් සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

views

309 Views

Comments

arrow-up