රාජ්‍ය සේවකයන්ට වැඩිපුර දීමනාවක් – ජනපති
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
29

රාජ්‍ය සේවකයන්ට වැඩිපුර දීමනාවක් – ජනපති

රාජ්‍ය සේවකයන්ට වැඩිපුර දීමනාවක් – ජනපති

 

රටේ අදායම් තත්ත්වය ස්ථාවර වූ පසු ආර්ථික ප්‍රගතියක් උදා වුවහොත් මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස සියලු රාජ්‍ය සේවකයන් වැඩිපුර දීමනාවක් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

 

 

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් (28) පස්වරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පැවැති පුණ්‍යෝත්සවය අමතමින්.

 

 

මේ වන විට සියලු දෙනා මුහුණ පා ඇති අසීරුතාව පිළිබඳ මනා අවබෝධයක් තමාට ඇති බවයි ඔහු එහිදී සඳහන් කළේ.

views

219 Views

Comments

arrow-up