FEB
23
මහා පරිමාණ වංචාවල චූදිතයන් එලියේ – රංජන් තවමත් ඇතුළේ

අන්තර් පාර්ලිමේන්තු සංගමය පවා කරුණු නවයක් සහිතව රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින බවත්, විපක්ෂය ලෙස තමන් කීප වතාවක්ම රංජන් රාමනායක මහතාව නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් එහෙත් තවමත් එතුමා සිරගතව සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රංජන් රාමනායක මහතා සිරගත ව සිටින්නේ සොරකම් කිරීමෙන් හෝ අයථා වැඩකිරීමෙන් නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා, ඒ මහතා නිරන්තරයෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි බවද පැවසීය.
661 Views
Comments