"මේ තත්වයෙන් අපිට ආණ්ඩු ගත්තත් රට හදන්න බෑ" - ෆොන්සේකා කියයි

දැනට පවතින තත්වය යටතේ තමා පක්ෂයට ආණ්ඩුවක් ලබා ගත්තද රට දියුණු කිරීමට නොහැකි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
රට දියුණු කිරීමට නම් වෙනස්කම් කිහිපයක්ම සිදු කළ යුතු බව ඔහු සඳහන් කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල් වරයා
"අපි ආණ්ඩු ගත්තා කියලා මේ රට දියුණු වෙන්නේ නෑ. අනිත් පැත්තෙත් ආර්ථික විශේෂඥයෝ ඉන්නවානේ. අපෙත් ඉන්නවා ඉතා විශිෂ්ට කට්ටිය. එතකොට දෙපැත්තේම ඉඳළත් මේ රට හැදෙන්නේ නෑ. හැදෙන්නේ නැත්තේ ඇයි ?. දූෂණය සහ අවභාවිතාව. වගකීමක් නෑ.
ඒ හින්දා මොන ආර්ථික විශේෂඥයා ආවත් ඒ ගොල්ලෝ බැලනස් කරලා අරම මෙහෙම කියයි.
රටේ නිෂ්පාදනය නැතිනම් එක පැත්තකින් රට උඩ යන්නේ නෑ. අනිත් පැත්තෙන් දූෂණය. අපේ පක්ෂය වෙනස් වෙන්න ඕනේ නම් අපි මේවා තේරුම් අරගෙන මේ ලයින් එකේ වැඩ කරන්න ඕනේ. නායකතුමා මෙතන හිටියා නම්.. මේ පණිවුඩය මෙහෙම්ම ම කියනවා මං.
එතුමට මම බදුල්ලේ දී කිව්වා.. ඔබතුමා මීට පස්සේ රණසිංහ ප්‍රේමදාස කියන නමවත් කියන්න එපා කියලා. මොකද ඒවාගෙන් දැන් අපිට වැඩක් නෑ. අපි අනිවාර්යයෙන්ම අපේ ගමනක් හදාගන්න ඕනේ. අපේ නායකයෝ හැදෙන්න ඕනේ."
766 Views
Comments