මම හවුල් ආණ්ඩු හදන්නේ නෑ - ජනාධිපති වෙන්න බලන් ඉන්න අපේක්ෂ⁣කයෙක්ට සජිත්ගෙන් අභියෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
28

මම හවුල් ආණ්ඩු හදන්නේ නෑ - ජනාධිපති වෙන්න බලන් ඉන්න අපේක්ෂ⁣කයෙක්ට සජිත්ගෙන් අභියෝගයක්

මම හවුල් ආණ්ඩු හදන්නේ නෑ - ජනාධිපති වෙන්න බලන් ඉන්න අපේක්ෂ⁣කයෙක්ට සජිත්ගෙන් අභියෝගයක්

විවිධ පාර්ශවයන් එක් කරගනිමින් හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට තමාගේ අදහසක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

 

ඔහු මේ බව සඳහන් කළේ අද දඹුල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

 

වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායකවරයා

 

"එක එක ලොක්කොයි කියන පුද්ගලයෝ දැන් ලොකු වින්දනයක් ලබාගෙන ඇඳුම් මහනවා.. ජනාධිපතිකමට. ජනාධිපති වෙන්න සූට් මහන අයගෙන් මං අහන්න කැමතියි.. ඔබට සංවර්ධනයක් කිරීමේ හැකියාව තියෙනවාද? සේවයක් කිරීමේ හැකියාවක් තියෙනවා ද?"

 

"පුළුවන් නම් එන්න සජිත් ප්‍රේමදාසත් එක්ක තරගෙට වැඩ කරන්න. තරගෙට සේවය කරන්න. මම හුස්ම වැඩසටහන කරනකොට, මම සක්වල වැඩසටහන කරනකොට.. තමුන්නාන්සේලා මේ එක එක මාධ්‍ය සාකච්ඡාවලට ගිහිල්ලා පම්පෝරි කතා කියන්නේ නැතිව කියන දේ ක්‍රියාවෙන් ඔප්පු කරන්න."

 

"මම ඔප්පු කරන්නම්. මගේ ළඟ පච දේශපාලනය නෑ. කයිවාරු දේශපාලනය නෑ. මට තිබෙන එකම දේශපාලනය ජනතාවට සේවය කිරීමයි. මම සූදානම් නෑ.. අච්චාරු ආණ්ඩු පිහිටුවන්න. කැඳහැලි ආණ්ඩු පිහිටුවන්න."

views

797 Views

Comments

arrow-up