AUG
07
ජනාධිපතිවරණට එන්න ධම්මික බැහැ කියයි - ඒ වෙනුවට නාමල් එයි ?

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය භාර ගැනීම ධම්මික පෙරේරා මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ජනාධිපති අපේක්ෂකත්වය භාර නොගන්නා බවට දන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පක්ෂයට ලිපියක් යොමු කර ඇති බවද වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ පවතින තත්ත්වය තුළ ඉදිරි ජනාධිපතිවරණයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ නම් කිරීමට සාකච්ඡා කරමින් ඇති බවය.
236 Views
Comments